hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2022 අගෝස්‍තු 17, ප.ව. 2:07



කෙන්යාවේ ජනාධිපතිවරණයෙන් හිටපු උප ජනාධිපති විලියම් රූටෝ ජය අත් කර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

55 හැවිරිදි රූටෝ සිය ආසන්නතම ප්‍රතිවාදියා 50.5%ක ඡන්ද ප්‍රතිශතයකින් පරාජය කරමින් එරට පස්වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ බව වාර්තා වෙනවා.

ඉතා දුගී පවුලක උපත ලබා ඇති රූටෝ ළමා වියේදී සිය නිවෙස අසළ දුම්රිය හරස් මාර්ගයක කුකුළු මස් අලෙවි කළ බවත්, ඉන් උපයා ගත් මුදලින් සිය බාල සොහොයුරු සොහොයුරියන්ට පාසල් ගාස්තු ගෙවූ බවත් ජනාධිපතිවරණ වේදිකාවේදී ප්‍රකාශ කර තිබෙනවා.

කෙන්යාවේ දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීමට පෙර එරට ධනවත් ව්‍යාපාරිකයකු බවට පත්ව සිටි හෙතෙම කෙන්යාවේ සාර්ථකම කුකුළු ගොවියා ලෙසත් ප්‍රචලිතයි.

ඔහු උපජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේදීද එම ව්‍යාපාරයේ නිරතව සිටි අතර, කුකුළන් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක හිමිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

තමා දෛනිකව බිත්තර අලෙවි කිරීමෙන් එරට මුදලින් ශිලිං මිලියන 1.5ක මුදලක් උපයන බව (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 45ක්) වරෙක ප්‍රකාශ කර තිබෙනවා.