2022 අගෝස්‍තු 26, ප.ව. 6:17
 
            
නිදහසේ කථා කළ තමන්ට ඒ නිදහස අහිමි වුවත් හැකි උපරිමයෙන් වංචාවට දූෂණයට එරෙහිව තමන් ගෙන ගිය හඬ ගෙන යන බව හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ප්‍රකාශ කළා.
කොන්දේසි සහිත සමාවක් හිමිවූ තමන්ට පරණ පුරුදු විදිහට මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට නොහැකි වීම පිළිබඳ කනගාටු වන බවත් රාමනායක මහතා පවසා සිටියා.
ඒ කොළඹ දී අද (26) කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින්.
තමන් වෙනස් වී, බිය වී හෝ නොමැති බවත් පක්ෂ මාරු කිරීම හෝ කඩේ යාම තමන්ගේ සිලබස් එකේ නොමැති බවත් රාමනායක මහතා සඳහන් කළා.
ඉදිරි කාලය තුළ කලා කටයුතු වෙනුවෙන් වැඩි නැඹුරුවක් සිදු කරන බවත් රාමනායක මහතා එහිදී වැඩිදුරටත් පවසා සිටියා.
“මට අද හම්බ වෙලා තියෙන්නේ කොන්දේසි සහිත සමාවක්. යම් යම් විෂයයන් ගැන කතා කිරීම සපුරා තහනම්. ඒ කතා කළොත් නැවත මට හිමි වී තිබෙන අත්හිටවූ සිර දඬුවමක් ක්‍රියාත්මක වෙනවා මුල ඉඳන්. අවුරුදු 5ක් යන්න වෙනවා. එක වචයනක් වැරදුනොත්. අයුතු ජනරාශිය වගේ දේවල්… මම එකක් කියන්නේ. ඒ වගේ බොහෝ දේවල් තියෙනවා මට කොන්දේසි දාලා. ඉතින් මට අර පරණ පුරුදු විදිහට කතා කරන්න ආසයි, නමුත් බැහැ. ඒ ගැන මම කණගාටුවෙන් ඉන්නේ. නමුත් කරන්න දෙයක් නැහැ. මේක තමයි මුහුණ දෙන්න වෙලා තියෙන යතාර්ථය. ඉතින් මගේ යුනිට් එක හදලා තියෙන්නේ ඇත්ත ම කතා කරන්න. ඩිවයිස් එක ටියුන් කරලා තියෙන්නේ ඇත්ත ම කතා කරන්න. නමුත් ඒක කරන්න අමාරුයි. ඉතින් මම හිතේ ඒවා හංගා ගෙන තාම ඉන්නවා.”
කෙසේ වෙතත්, පක්ෂ මාරු කිරීමේ අදහසක් තමන්ට නොමැති බව ඔහු එහිදී වැඩිදුරටත් පවසා සිටියා.
“සමහර අය අහනවා මම වෙනස් වෙයි ද? මම බය වෙලා ද? මම පක්ෂ මාරු කරයි ද? මම කඩේ යයි ද? ඒවා මගේ සිලබස් එකේ නැහැ. මම, මම මයි මේ විදිහට තමයි මැරෙන්නෙත්. ඒක වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. වැඩිය කිව්වොත් අපිට ආයේ මේ වගේ ප්‍රෙස් එකක් කරන්න වෙන්නේ නැහැ. ආයේ ඔයගොල්ලන්ට වැලිකඩ ඉස්සරහට එන්න වෙනවා.”
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
28-10-25
 
                                            28-10-25
23-10-25
 
                                            23-10-25
20-10-25
 
                                            20-10-25
18-10-25
 
                                            18-10-25
18-10-25
 
                                            18-10-25
17-10-25
 
                                            17-10-25
16-10-25
 
                                            16-10-25
14-10-25
 
                                            14-10-25
13-10-25
 
                                            13-10-25
13-10-25
 
                                            13-10-25