2022 අගෝස්‍තු 31, පෙ.ව. 10:15
 
            
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ අතුරු අය වැය කතාවේදී රටේ අසරණ ජනතාව කොපමණදැයි ඉදිරිපත් කළ සංඛ්‍යා දත්ත වැරැදි බවත් එය තමා නොපිළිගන්නා බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (30) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවසුවා.
ජනාධිපතිවරයාගේ අතුරු අයවැය කතාවෙන් පසු මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා.
එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,
“අයවැය කතාවේදී අසරණ භාවයට පත්වුණු ජනතාවගේ ගණනය හෙළිදරව් කළා. අපිට නම් ඒක පිළිබඳව එකඟ වෙන්න බැහැ. මොකද යුනිසෙෆ් වාර්තාව කියෙව්වොත් ඒ වාර්තාවේ සඳහන් වෙලා තිබෙනවා මවුවරුන්, දරුවන් දැරියන් කොපමණ අනාරක්‍ෂිත භාවයට පත්වෙලා තිබෙනවාද කියලා. ඒ සංඛ්‍යා ලේඛන පහත දමලා. 61,000ක් පමණ පවුල් ලෙස මේ ව්‍යසනයෙන් විපතට පත්වෙලා ඉන්නේ කියන එක. ඒ සඳහන් කිරීමම මම දකින්නේ ගැටලුවක්.
දත්ත පිළිබඳ බරපතළ ගැටලුවක් තිබෙනවා. ඒ නිසා මේ රටේ විශාල ප්‍රමාණයක් අසහනයට, පීඩනයට, අසරණ භාවයට පත්වෙලා තිබෙනවා. මෙවන් තත්ත්වයක් තුළ අපි විශ්වාස කරනවා රජයක් ක්‍රියාත්මක කරන්නට උපයන මුදල මීට වැඩිය ඵලදායීව රටේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා කැපකරන්න කියලා. ඒ නිසා අපි නම් මේ පිළිබඳව සෑහීමකට පත්වෙන්නේ නෑ.”
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25
27-10-25
 
                                            27-10-25