hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 02, ප.ව. 1:28



අද (02) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන 2022 වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ඇතුළු 13 දෙනෙකුගෙන් සමන්විත මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේ, නිදහස් ජනතා සභාව නමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සභාවක් ඉදිරියේදී පිහිටුවන බවයි.

මේ අතර, තම පක්ෂය ද අද පැවැත්වෙන අයවැය ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: