hit counter

2026 පෙබරවාරි මස 14 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 03, ප.ව. 8:14



බොලිවුඩ් නිලි ජැකලින් ෆර්ඩිනැන්ඩස් දැනට සිරගතවී සිටින මූල්‍ය අපරාධකරු සුකේෂ් චන්ද්‍රශේකර්ගේ ඉතිහාසය දැන දැනම ඔහු සමඟ මුදල් ගනුදෙනු කර ඇතැයි ඉන්දීය මූල්‍ය අපරාධ බුද්ධි අංශයේ ප්‍රකාශ කර තිබෙනවා.

එපමණක් නොව ඇගේ පවුලේ සාමාජිකයන් සහ හිතමිතුරන් පවා සුකේෂ්ගෙන් මූල්‍යමය වශයෙන් ප්‍රතිලාභ ලබා ඇතැයි වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

සුකේෂ් චන්ද්‍රසේකර් අපරාධකරුවෙක් බව දැන සිටිය ද දිගින් දිගටම ඔහුගෙන් මිල අධික තෑගිබෝග ලබා ඇතැයි ද ඇය එම තොරතුරු හෙළි කර ඇත්තේ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී පමණක් බව ද එරට මාධ්‍ය වාර්තා කළා.

සුකේෂ් විසින් සිදු කරනු ලැබූ මූල්‍ය අපරාධයෙන් කොටසක් තමා සන්තකයේ තබා ගැනීම නිසා ඇයට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ දඬුවම් දීමට හැකියාව ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වෙනවා.

මේ මස 26 වැනිදා ඇයට නැවත මූල්‍ය අපරාධ බුද්ධි අංශයේ පෙනී සිටින ලෙස අධිකරණය සිතාසි නිකුත් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: