2022 සැප්‍තැම්‍බර් 05, ප.ව. 8:51
බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස බ්‍රිතාන්‍ය විදෙස් ලේකම් කටයුතු කරන ලිස් ට්‍රස් තේරි පත් වුණා.
ඒ බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයේ පැවැති ඡන්දයකින්.
ඇය එම පක්ෂයේම රිෂී සුනාක් පරාජයට පත්කරමින් මෙලෙස අගමැති ලෙස පත්වූවා.
මේ අනුව ඇය කොන්සර්වේටිව් පක්ෂයේ නායිකාව ලෙසද නම් කර තිබෙනවා,
වත්මන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් කොන්සර්වේටිව් පක්ෂයට නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කර ගැනීමට සිදු වුණා.
කෙසේ වෙතත් නව අගමැතිනියට භාර ගැනීමට සිදුව ඇත්තේ අභියෝග රැසකට මුහුණ දෙමින් තිබෙන බ්‍රිතාන්‍යයි.
බොරිස් සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් ඉදිරිපත් කිරීම සඳහා අඟහරුවාදා එලිසබෙත් රැජින හමුවීමට ස්කොට්ලන්තයට යෑමට නියමිත අතර පසුව ට්‍රස් නව අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වෙනු ඇති.
2015 මැතිවරණය ජය ගැනීමෙන් පසුව කොන්සර්වේටිව් පක්ෂයෙන් පත්වූ සිව්වන අගමැති වන්නේ ට්‍රස්ය.
47 හැවිරිදි ට්‍රස්, බ්‍රිතාන්‍යයේ ජීවන වියදම් අර්බුදය විසඳීමට කඩිනමින් ක්‍රියා කරන බවට පොරොන්දු වී ඇති අතර, මාධ්‍ය වාර්තාවලට අනුව සතියක් ඇතුළත ඉහළ යන බලශක්ති බිල්පත් විසඳීමට සහ අනාගත ඉන්ධන සැපයුම් සුරක්ෂිත කිරීමට සැලැස්මක් ඉදිරිපත් කරන බව පවසා තිබෙනවා.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24