2022 සැප්‍තැම්‍බර් 09, ප.ව. 7:04
අභාවප්‍රාප්ත වූ බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහය තවමත් බැල්මෝරල් මන්දිරයේ තැන්පත් කර ඇති අතර, එය එඩින්බරෝ හි හෝලිරූඩ් හවුස් වෙත රැගෙනයාමට නියමිතයි.
අනතුරුව දේහය ස්කොට්ලන්තයේ ශාන්ත ජයිල්ස් දෙව් මැදුර වෙත රැගෙන යන අතර පැය 24ක කාලයක් දේහය මහජන ගෞරව සඳහා එහි තැන්පත් කෙරීමට නියමිතයි.
පසුව දේහය ලන්ඩන් නුවරට රැගෙන එන්නේ රාජකීය දුම්රිය මගින්.
අනතුරුව හමුදා ආචාර මැද රැජිනගේ දේහය බකිංහැම් මන්දිරයේ සිට වෙස්මිනිස්ටර් ශාලාව වෙත ගෙන ඒමට නියමිතයි.
දේහය එහි තැන්පත් කෙරෙන්නේ රාජකීය පවුලේ සාමාජිකයින්ට ගෞරවය දැක්වීමට අවස්ථාව ලබාදීමටයි.
දේහයට ගෞරව දැක්වීමට සාමාන්‍ය ජනතාවට අවස්ථාව හිමිවන්නේ ඉන් පසුවයි.
රාජකීය අවමංගල උත්සවය රැජිනගේ මරණයෙන් දින 10ත් 12ත් අතර කාලයක් තුල පැවැත්වීමට නියමිතයි.
රැජිනගේ දේහය ස්කොට්ලන්තයේ සිට ලන්ඩන් නුවර බකිංහැම් මන්දිර වෙත රැගෙන ඒමේ සමස්ත සැලසුම නම්කර ඇත්තේ “ඔපරේෂන් යුනිකොන්” ලෙසයි.
එසේම රැජිනගේ මරණයේ සිට මීළඟ රජුගේ නිල රාජාභිෂේකය දක්වා වන මුළු කාලය තුල සිදුවන ක්‍රියාවලිය “ඔපරේෂන් ලන්ඩන් බ්‍රිජ්” ලෙස හඳුන්වයි.
රැජින මියායෑම හේතුවෙන් චාල්ස් කුමරු මීළඟ රජු ලෙස නම් කෙරුණු අතර, රාජකීයත්වයේ සියලු වගකීම් ඔහු වෙත පැවරුණා.
තෙවැනි චාල්ස් රජු, බ්‍රිතාන්‍යයේ නව රජු ලෙස සිය පළමු නිල ප්‍රකාශය හෙට (10) නිකුත් කිරීමට නියමිතයි.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24