2022 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 7:19
හිටපු පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් හිදී එලිසබෙත් රැජිනට ගෞරව දැක්වීමෙන් පසු පිටත්ව ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බෙකම් වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තබා තිබෙන රැජිනගේ දේහය නැරඹීමට බලා සිටි මිනිසුන්ගේ පේළියේ සිකුරාදා අලුයම 2.00 සිට පැය 13ක් පෝලිමේ සිටි බවයි කියන්නේ.
ඔහුට අමතරව රැජිනට උපහාර දැක්වීමට තවත් ඉහළ පෙළේ පුද්ගලයන් කිහිප දෙනෙක් බලා සිටි බවයි කියන්නේ.
සුසානා රීඩ්, පිලිප් ස්කොෆීල්ඩ්, හොලි විලෝබි ඒ අතරින් කිහිප දෙනෙක්.
කඳුළු සලමින් සිටි බෙකම් පැය 13ක් පෝලිමේ රැඳී සිටි අතර 2003 ජූනි මාසයේදී ඔහුගේ පාපන්දු ජීවිතය වෙනුවෙන් ඔහුට OBE (Order of the British Empire) ලැබුණු බව සිහිපත් වූ බව පවසා තිබුණා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24