hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 21, ප.ව. 1:05



ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන මෙරට කම්කරුවන් 10,000ක් බඳවා ගැනීමට මැලේසියාව එකඟ වී ඇතැයි මැලේසියානු මානව සම්පත් අමාත්‍ය ඩටුක් සේරි එම් සරවනන් මහතා පවසනවා.

අද (21) දිනයේ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා රජය කම්කරුවන් 10,000 ක කෝටාවක් ඇතුළත් නිල අයදුම්පතක් ඉදිරිපත් කර ඇති බවයි.

දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීමට සැප්තැම්බර් 14 වැනි දින පැවති කැබිනට් රැස්වීමේදී එකඟ වූ බව පැවසූ ඔහු මැලේසියානු කර්මාන්තකරුවන්ගෙන් සහ සේවා ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටියේ ශ්‍රමිකයන් සේවයේ යොදවා රජයේ යහපත් චේතනාවට සහාය දෙන ලෙසයි.

පසුගිය සැප්තැම්බර් 14 වනදා වන විට විදේශීය ශ්‍රමිකයින් සඳහා අයදුම්පත් 416,634 ක් සඳහා බදු ගෙවීම් සිදු කර ඇති බවත්, විදේශ ශ්‍රමිකයන් බඳවා ගැනීමට කැමති සේවා යෝජකයන්ට අමාත්‍යාංශයේ සංක්‍රමණික සේවක කළමනාකරණ අංශය (oscksm@mohr.gov.my) හෝ මැලේසියාවේ අර්ධද්වීපය සම්බන්ධ කර ගත හැකි බවත් ඔහු පැවසීය.

වැඩි විස්තර සඳහා කම්කරු දෙපාර්තමේන්තුව (jtksm@mohr.gov.my)

Courtesy – Bernama





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: