2022 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 8:04
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සංචාරයක් සදහා අද (26) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළා .
ජනාධිපතිවරයා සමග තවත් 15 දෙනෙකු දූත පිරිස ලෙස පිටත්ව ගොස් තිබෙනවා.
අද අලුයම 12.50 ට පළමුවෙන්ම සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ බලා සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණා.
ඉන් අනතුරුව මෙම පිරිස එතැන් සිට ජපානයේ ටෝකියෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලා වෙනත් ගුවන් යානයකින් පිටත්ව යාමට නියමිතයි
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සදහා මෙසේ මෙම පිරිස ජපානය වෙත ගොස් තිබෙනවා.
ජනාධිපතිවරයාගේ පළමු විදේශීය සංචාරය ද බ්‍රිතාන්‍යය එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය සදහා සහභාගී වීම සදහායි.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05
02-06-26
02-06-26
01-06-26
01-06-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
30-05-26
30-05-26
29-05-26
29-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
25-05-26
25-05-26