hit counter

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 05, පෙ.ව. 9:25



ලොව ප්‍රමුඛ අන්තර්ජාල සේවා සැපයුම්කරු වන ගූගල් සමාගම විසින් සිය භාෂා පරිවර්තන මෙවලම චීනය තුළ අත්හිටුවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චිනය තුළ අඩු පරිශීලකයින් සංඛ්‍යාවක් ගූගල් භාෂා පරිවර්ථනය භාවිත කිරීම එම තීරණයට ප්‍රධාන හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.

චීනය විසින් පනවනු ලැබූ වාරණ නීතිවලට අවනතවීමට අකමැතිවීම හේතුවෙන් 2010 වර්ෂයේ දී ද, ගූගල් සමාගම සිය අන්තර්ජාල සෙවුම් යෙදවුම චීනයෙන් ඉවත් කළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මීට අමතරව චීනය තුළ අන්තර්ජාල සේවා සැපයීමේදී ඊට අදාළ සර්වර් පහසුකම් රජයේ ආයතනයක් හරහා ලබාගැනීමට නියෝග කර ඇති බවද වාර්තා පල වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: