2022 ඔක්‍තෝබර් 09, ප.ව. 2:45
 
            
අමාත්‍ය මණ්ඩලය පත් කිරීම පිළිබඳ ආණ්ඩුව තුල දැඩි අර්බුදයක් හටගෙන තිබෙන අතර මේ හේතුවෙන් කැබිනට් මණ්ඩලය පත් කිරීමද දිනෙන් දින කල් ගොස් තිබෙනවා.
පුරප්පාඩු වී පවත්නා කැබිනට් අමාත්‍ය ධුර 10 සඳහා මන්ත්‍රීන් 14 දෙනකුගේ නම් යෝජනා වීම නිසා මෙම අර්බුදය හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
පුරප්පාඩු තනතුරු සඳහා ආණ්ඩුවේ බහුතරය ඇති පොහොට්ටුව ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් 10 දෙනකුගේ නම් ජනාධිපතිවරයාට නිර්දේශ කර තිබෙනවා.
ඉන් දෙදෙනකුට පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය මෙතෙක් එකඟතාව දක්වා නැතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.
ඒ අතර රජයට සහය දෙන සෙසු පක්ෂ නියෝජනය කරන දුමින්ද දිසානායක, වජිර අබේවර්ධන, ඒ.එල්.එම්. අතාවුල්ලා සහ ජීවන් තොණ්ඩමන් යන සිව්දෙනාට ද අමාත්‍ය ධුර ලබා දෙන බවට පොරොන්දු වී තිබෙනවා.
මෙලෙස පුරප්පාඩු වී ඇති ඇමැති තනතුරු 10 ට අපේක්ෂකයන් 14 දෙනකු යෝජනා වීම නිසා කැබිනට් පත්කිරීම් දිගින් දිගටම ප්‍රමාද වෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25
27-10-25
 
                                            27-10-25
27-10-25
 
                                            27-10-25
27-10-25
 
                                            27-10-25