hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 13, පෙ.ව. 11:41



සාමාන්‍යයෙන් පැමිණිලි සදහා හෝ වෙනත් අවශ්‍යතා සදහා හෝ පැමිණෙන පුද්ගලයින්ගේ වාහන පොලිස්ථාන භූමියට ඇතුල් කිරීමට අවසර හිමි වන්නේ නැහැ.

සාමාන්‍ය පුද්ගලයින්ට මෙලෙස වාහන පොලිස්ථානයට ඇතුළත් කළ නොහැකි වුවද කෝටිපති ව්‍යාපාරික කාන්තාවක් ලෙස පෙනී සිටින තිලිණි ප්‍රියමාලිගේ මෝටර් රථය එක් අවස්ථාවකදී පොලීසිය තුළටම රැගෙන විත් තිබෙනවා.

තිලිණි ප්‍රියමාලි පැමිණි මෝටර් රථය පොලිස් ස්ථානය තුළම නවතා ඇති අයුරු

එපමණක්ද නොව ඇය සමග පැමිණි ආරක්ෂකයින් පොලිස් ස්ථානාධිපතිවරයාගේ කාර්‍යාලය අසළම රැදී සිට තිබෙනවා.

ප්‍රියමාලි මෙලෙස පොලීසියට පැමිණ තිබුණේ ඇගේ සහෝදරයා සේවය කරන ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි ස්ථානයේ හිමිකරුගේ පුත්‍රයා සිදු කර තිබූ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් අතරමැදිකරුවෙකු ලෙසයි.

එහිදී පැමිණිලි පාර්ශවයේ පුද්ගලයන් අසළ රැදෙමින් තිලිණි පවසන්නේ පැමිණිලි පාර්ශවයේ නීතීඥවරයාද තමන් හොදින් හදුනන බවයි.

තිලිණි ප්‍රියමාලි ඇතුළු පිරිවර මෙලෙස පොලීසිය තුළ හැසිරීමෙන් පැමිණිලි පාර්ශවයට සිදුවන පීඩනය පිළිබඳව උසස් පොලිස් නිලධාරීන්ට දැනුම් දුන්නද ඉන්ද පළක් වී නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: