hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 20, ප.ව. 5:24



ජල බිල්පත් ගෙවීම සිදුකර නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීම නැවතී ඇතැයි වාර්තා වනවා.

ඒ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා සමග පැවති සාකච්ඡාවක දී ලබා දුන් උපදෙස් අනුවයි.

ඒ අනුව ජල බිල්පත් ගෙවීම සිදු කර නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගෙන ඇති තීරණය නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඉදිරියේ දී බිල්පත් ගෙවීමට වැඩ පිළිවෙළක් සකසන බව ද අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කර තිබෙනවා.

එතෙක් කිසි දු පාසලක ජල සැපයුම විසන්ධි නොකිරීමට අමාත්‍යවරයාගේ උපදෙස් මත ජල සමිපාදන මණ්ඩලය තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: