hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 10, ප.ව. 3:22



බ්‍රිතාන්‍යයේ තෙවන චාර්ල්ස් රජු සහ ආර්යා කැමිලා පාකර්ට බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, රාජකීය යුවල යෝක්ෂයර්හි සංචාරයක නිරතව සිටියදී එහි රැස්ව සිටි විරෝධතාකරුවන් අතරින් පුද්ගලයෙකු මෙලෙස බිත්තර ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

එහිදී අදාළ පුද්ගලයා බිත්තර කිහිපයකින් චාල්ස් රජු වෙත ප්‍රහාර එල්ල කළ ද රජුට හෝ ආර්යාවට එම බිත්තර වැදී නොමැති බව සඳහන් වෙනවා.

ආරක්ෂක අංශ විසින් බිත්තර ප්‍රහාර එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහු යෝර්ක් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන 23 හැවිරිදි වියේ පසු වන තරුණයෙක්.

මෙම සිදු වීමෙන් පසුව ද රජු සහ බිසව නගර වැසියන් සමග සුහදව කතාබහ කරමින් ඉදිරියට ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.