hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2022 නොවැම්‍බර් 16, පෙ.ව. 11:53



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදුව තිබෙනවා.

ඒ පසුගියදා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේදීයි. එම අවස්ථාවට සහභාගී වීම සඳහා හිටපු ජනාධිපතිවරයා පැමිණෙමින් සිටින අතරතුර ගම්මන්පිල මන්ත්‍රීවරයා හමුවී තිබෙනවා.

“මම ඔබතුමා එක්ක කතා කරනවා මීඩියාවල අයත් බලාගෙන ඉන්නේ. ඊට පස්සේ කතාවක් යයිද දන්නේ නෑ මම ආණ්ඩුවට ඇවිල්ලා කියලා. ඒ නිසා අපි කතා නොකර ඉමු” යැයි එහිදී ගම්මන්පිල මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රකාශ කර තිබෙනවා.

“ආ..ඒ කියන්නේ ඔයා ආණ්ඩුවේ නෙමෙයිද. මං හිතන් හිටියේ ඔයා ආණ්ඩුවේ කියලා.” හිටපු ජනාධිපතිවරයා ගම්මන්පිල මන්ත්‍රීවරයාට ප්‍රකාශ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: