hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2022 නොවැම්‍බර් 19, ප.ව. 7:43



බ්ලේඩ් තලවලින් මාර ගස් කැපීමට බලාපොරොත්තු නොවන ලෙස සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළා.

ගමගේ මහත්මිය මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීයි.

එහිදී ඇය මෙසේ ද අදහස් දක්වා සිටියා,

” මම මන්ත්‍රීධූරයෙන් පැන්නීමට එතුමා ලොකු උත්සාහයක් ගන්න බව මට ආරංචි වෙනවා. නන්නත්තාර වෙලා ඉන්න කොට මම තමයි එතුමට පක්ෂය දුන්නෙ. එතුමට ඒ ගැන කෙළෙහි ගුණයක් තියෙන්න ඕන. මම දන්න තරමින් එතුමට කෙළෙහි ගුණයක් නැහැ. අපි හැප්පිලා බලමු”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: