hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 23, ප.ව. 7:02



යුක්‍රේනයේ දකුණු දිග සැපොරීෂියා කලාපයේ මාතෘ රෝහලකට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් අලුත උපන් බිළිඳෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම අවස්ථාවේදී එහි සිටි බිළිඳාගේ මව සහ වෛද්‍යවරයෙකු සුන්බුන් අතර සිටියදී මුදාගෙන ඇති බවයි.

එම ප්‍රහාරයත් සමග යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි රුසියාව තම රටට “භීෂණය සහ මිනීමැරුම්” ගෙන ආ බවට චෝදනා කර තිබෙනවා.

ප්‍රධාන න්‍යෂ්ටික බලාගාරයක් පිහිටා ඇති යුක්‍රේනයේ සැපොරීෂියා කලාපය නිරන්තරයෙන් රුසියානු ප්‍රහාරවලට ලක්වන කලාපයක්.