hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2022 දෙසැම්‍බර් 01, ප.ව. 2:30



ඇෆ්ගනිස්තානයේ ආගමික පාසලක් ඉලක්ක කර සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් සිසුන් ඇතුළු 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

උතුරු ඇෆ්ගනිස්තානයේ අයිබක් නගරයේ පිහිටි ආගමික පාසලක සිදුකර ඇති එම ප්‍රහාරයෙන් තවත් 26 දෙනෙක් තුවාල ලබා තිබුණා.

මියගොස් ඇති පිරිසෙන් බහුතරය වයස අවුරුදු 9ත් 15ත් අතර ළමුන්.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙක් වගකීම ගෙන නොමැති අතර තුවාල ලබා ඇති බහුතරයද පාසලේ සිසුන් වෙනවා.