hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2022 දෙසැම්‍බර් 06, පෙ.ව. 11:20



පසුගිය අගොස්තු මාසයේ පිටවූ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව වාණිජ්‍ය විෂය ධාරාවෙන් බී සාමාර්ථ 3 ක් ලබාගත් ළාබාල සිසුවෙකු ගැන මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වුණා.

වයස 14 ක් වූ කඩවත පදිංචි දෙවුම් සනහස් රණසිංහ නමැති සිසුවා මෙම දක්ෂතාව දැක්වුවා.

මාස 05ක් වැනි කෙටි කාලයක් විභාගයට සූදානම් වීමෙන් පසුව මෙම සුවිශේෂී ජයග්‍රහණයට ළඟා වීමට හැකි වූ බව ඔහු පවසා තිබුණා.

එම විභාගයේ කඩඉම් ලකුණු ඉසෙඩ්ස්කෝර් පසුගිය සතියේ නිකුත්වූ පසු දෙවුම් සනහස්ට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණ උපාධිය හැදැරීමට හැකියාව ඇතැයි පෙනී ගියෙන් ඔහු එම පාඨමාලාව තෝරාගෙන තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: