2023 ජනවාරි 13, පෙ.ව. 11:01
ලෝක පූජිත රොක් ගායක එල්විස් ප්‍රෙස්ලිගේ එක ම දරුවා සහ මයිකල් ජැක්සන්ගේ බිරිඳක වූ ලීසා මාරි ප්‍රෙස්ලි ඊයේ (12) එක්සත් ජනපදයේ දී හෘදයාබාධයකින් මිය ගිය බව ඇගේ මව නිවේදනය කර තිබෙනවා.
තම දියණියගේ වියෝව පිළිබඳ එල්විස් ප්‍රෙස්ලිගේ බිරිඳ වන ප්‍රිසිලා ප්‍රෙස්ලි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “මගේ රූමත් දියණිය ලීසා මාරි අප හැර ගිය බවට වූ දුක්බර පුවත බෙදාගත ගන්නේ අපහසුවෙන් දැඩි කර ගත් හදවතකින්” බවයි.
කැලිෆෝනියාවේ කැලබසාස් හි පිහිටි ඇගේ නිවසේ දී සිහිසුන්ව වූ ඇයව ප්‍රතිකාර සඳහා යොමු කළත් ඇය ඉක්මනින් මිය ගිය බවයි ඈ සම්බන්ධයෙන් වන විදෙස් පුවත් වාර්තා කරන්නේ.
මාරි ප්‍රෙස්ලි ඇගේ කීර්තිමත් පියාගේ අඩිපාරේ යමින් ගීත ඇල්බම තුනක් නිකුත් කළ අතර මයිකල් ජැක්සන්, නළු නිකොලස් කේජ්, සංගීතඥයන් වන ඩැනී කීෆ් සහ මයිකල් ලොක්වුඩ් සමග විවාහ ගිවිස ගෙන සිටියා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24