hit counter

2026 ජූනි මස 25 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 01, පෙ.ව. 12:24



ගම්පහ පොලීසිය මගින් නැටුම් ගුරුවරියක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ජාත්‍යන්තර පාසලක නැටුම් අංශය බාර ගුරුවරියක නැටුම් කණ්ඩායමේ සිසුවියන් ජර්මනියට යැවීමට බව පවසා මව්පියන්ගෙන් මුදල් ලබා ගත්තේ යැයි චෝදනාව මතයි.

මෙම ආචාර්යවරියට ලක්ෂ ගණනින් මුදල් ලබාදීම සම්බන්ධයෙන් පැමිණිලි හතරක් දැනට ලැබී ඇති බවත් රුපියල් ලක්ෂ 50 ක් පමණ වංචා කොට ඇති බව අනාවරණය වී ඇති බවත් පොලීසිය පවසයි.

49 හැවිරිදි මෙම කාන්තාව සිසුවියන්ගේ මව්පියන්ගෙන් රුපියල් ලක්ෂ පහ, හය ආදී වශයෙන් මුදල් ලබාගෙන ඇති බවට පැමිණිලි ලැබී තිබෙන බවද පොලීසිය කියයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: