2023 පෙබරවාරි 08, පෙ.ව. 8:56
භූමිකම්පාවෙන් දැඩි සේ හානියට පත්ව කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන් බුන් අතර සිරවී සිටි ගර්භණි මවක් දරු ප්‍රසුතියක් සිදුකළ පුවතක් සිරියාවෙන් වාර්තා වනවා.
ඊසානදිග සිරියාවේ භූමිකම්පාවෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන් බුන් අතර සිරවී සිටි එම කාන්තාව ඒ තුලදී දරු ප්‍රසුතිය සිදුකර තිබු අතර සහන සේවකයින් විසින් එම බිලිඳියව නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත්ව තිබෙනවා.
කෙසේ වුවද දරු ප්‍රසුතියෙන් පසු එම මව අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
සුන්බුන් අතර සිරවී සිටි මවගේ සහ කුඩා බිලිඳියගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් දැඩි පරිශ්‍රමයක් දැරුවද ඔවුන්ගේ එක් උත්සාහයක් ව්‍යර්ථ වී ගිය බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර ප්‍රාතිහාර්යකින් මෙන් දිවී ගලවා ගත් කුඩා බිලිඳියගේ පවුලේ සෙසු සාමාජිකයින් සියලු දෙනාම භූමිකම්පාවේ ජිවිත්ක්ෂයට පත්ව ඇති බව තහවුරු වී තිබෙනවා.
මේ වන විට එම බිලිඳිය වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වෙනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24