2023 පෙබරවාරි 10, ප.ව. 4:59
වයඹ දිග සිරියාවේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරව සිටි මවක් විසින් ප්‍රසූත කළ දැරිය හදා වඩා ගැනීමට දහස් ගණනක පිරිස් ඉල්ලීම් සිදුකරමින් සිටින බව වාර්තා වෙනවා.
එම දැරියගේ මව, පියා මෙන්ම සහෝදර සහෝදරියන් සිව්දෙනා ද භූකම්පනයෙන් මියගොස් ඇති අතර එම දැරියට ‘ආශ්චර්ය‘ තේරුම ඇති එනම් ‘අයා‘ ලෙස නම් තබා ඇති බවයි වාර්තා වෙන්නේ.
රෝහලට රැගෙන එන විට සීරීම්, තැලීම් හා අධික සීතල හේතුවෙන් ශ්වසන අපහසුතාවෙන් පෙළුණු දැරියගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් අතට හැරී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
දැරිය හදා වඩා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම අදාළ රෝහල වෙත ද දුරකථන ඇමතුම් දහස් ගණනක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේවෙතත් දැරියගේ ඥාතියෙකු පැමිණෙන තෙක් දැරිය රැකබලා ගැනීමේ වගකීම තමා විසින් භාරගන්නා බවට රෝහල් කළමනාකාරවරයා ප්‍රකාශ කර ඇති අතර කුඩා දරුවෙකුගේ පියෙකු වන ඔහුගේ බිරිඳ විසින් දැරියට මව්කිරි ලබාදීම ද සිදුකරන බවයි.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24