hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 පෙබරවාරි 11, ප.ව. 3:04



දකුණු අප්‍රිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වන කේනන් ෆෝබ්ස් හෙවත් ඒ.කේ.ඒ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ජනප්‍රිය ගීත ඇල්බම රැසක් නිකුත් කළ මොහු දකුණු අප්‍රිකාවේ සම්මාන රැසක් හිමිකරගත් ගායකයෙකු බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඩර්බන් නගරයේ ජනප්‍රිය අවන්හලක් අසළදී සිදු වූ මෙම වෙඩි තැබීමෙන් ඔහු සමඟ සිටි මිතුරෙකු ද මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

35 හැවිරිදි ඔහුගේ නවතම ඇල්බමය වන මාස් කන්ටීර මේ මස අග දී නිකුත් කිරීමට නියමිතව තිබුණා.