hit counter

2026 ජනවාරි මස 08 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 17, පෙ.ව. 7:21



ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා වෙනත් දේශපාලන පක්‍ෂ හෝ සන්ධාන යටතේ තරග කිරීමට නාමයෝජනා දුන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපා හැරීමට පොහොට්ටුව තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ලිපි නිකුත් කිරීමට ද පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

ඒ අනුව රට පුරා පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරුන් 200කට වැඩි පිරිසක් පොහොට්ටුවෙන් නෙරපා හරිනු ඇතැයි සඳහන්.

පක්ෂයෙන් නෙරපා හැරීමෙන් නොනැවතී එම පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනුවට වෙනත් මන්ත්‍රීවරුන් එම ආයතන වෙත පත් කිරීමටද පොහොට්ටුව සූදානම් වන බව වාර්තා වනවා.

මෙම ඉදිරි සතියේ විශාල දේශපාලන ආන්දෝලනයකට හේතු වනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: