2023 පෙබරවාරි 22, ප.ව. 9:07
ප්‍රංශයේ, සාන්ත ජෝන් ඩී ලූස් (Saint-Jean-de-Luz) නගරයේ පාසලක සිසුවෙකු ස්පාඥ්ඥ ගුරුවරියකට පිහියෙන් ඇන ඝාතනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, අද (22) උදෑසන කාලයේදී මෙම ඝාතනය සිදු වී ඇති බවයි.
මෙම ඝාතනය සිදු කළ පාසල් සිසුවා එරට පොලිසිය මගින් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිය ගිය ගුරුවරිය 50 හැවිරිදි වියේ පසු වන අතර පිහි ඇනුමෙන් පසුව ඇති වූ හෘදයාබාධයකින් ඇය මිය එම ස්ථානයේදී ම ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අදාළ ගුරුවරිය පන්ති කාමරය තුළ උගන්වමින් සිටින අතර තුර සැකකාර සිසුවා පැමිණ ඇයට පිහියෙන් ඇන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රංශ අධ්‍යාපන ඇමතිවරයා සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණෙමින් සිටින බවයි.
ඝාතනය සිදු කළ සිසුවා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බව ත් මේ වන තෙක් එය ත්‍රස්ත ප්‍රහාරයක් බවට අනාවරණය වී නොමැති බව ත් එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24