hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2023 පෙබරවාරි 24, පෙ.ව. 7:58



යුරෝපා කොමිසමේ සේවකයන්ට චීන සමාජ මාධ්‍ය යෙදුමක් වන ටික්ටොක් භාවිත කිරීම තහනම් කර තිබෙනවා.

මාර්තු මස 15 වනදා වන විට එම සේවකයන්ට සිය පෞද්ගලික දුරකතන සහ පරිගණක මෙවලම් මගින් පවා එම යෙදුම ඉවත්කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

දත්ත ආරක්ෂණය පිළිබද ගැටලු‍ හේතුවෙන් යුරෝපා කොමිසම මෙම තීරණය ගෙන ඇති අතර ටික්ටොක් යෙදුම හරහා චීනය පෞද්ගලික දත්ත රැස්කරන බවට දිගුකලක පටන් චෝදනා පවතිනවා.