hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 24, ප.ව. 12:10



ජපානයේ වෙරළකට ගොඩගැසුණු විශාල ලෝහ ගෝලයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

වෙරළබඩ නගරයක් වන හමාමාට්සු හි තිබී මෙය සොයගෙන ඇති අතර එය කුමක්දැයි තවමත් බලධාරීන්ට පැවසීමට හැකියාවක් ලැබී නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

වෙරළේ තිබූ මෙම වස්තුව දැක ප්‍රදේශවාසීන් විසින් එරට පොලිසිය දැනුවත් කර තිබුණා.

බලධාරීන් පැමිණ එම ප්‍රදේශයේ පරීක්‍ෂණ පවත්වා ඇති අතර, එය ආරක්ෂිත බව තහවුරු කිරීම හැර වෙනත් කිසිවක් හෙළි නොකළ බවද විදෙස් මාධ්‍ය පවසනවා.

ප්‍රාදේශීය බලධාරීන් පවසා ඇත්තේ වස්තුව ඉක්මනින් එම ස්ථානයෙන් ඉවත් කරන බවයි.