hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 24, ප.ව. 12:23



අභිරහස් ගෝලාකාර වස්තුවක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

මෙලෙස අභිරහස් වස්තුවක් ගොඩගසා ඇත්තේ ජපානයේ හමාමට්සු වෙරළ තීරයට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම වස්තුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර  දෙවැනි ලෝක යුද සමයේ භාවිතයට යොදා ගත් මුහුදේ රැඳවූ පුපුරා නොගිය බෝම්බයක් යැයි විශේෂඥයින් සැක කළ බැවින් බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායමක් ද එය පරීක්ෂා කිරීමට පැමිනි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එක්ස් කිරණ පරීක්ෂණයකින් අනාවරණය වූයේ ගා්ලාකාර වස්තුව තුළ කිසිවක් නොමැති අතර   ගෝලාකාර වස්තුවේ ‘හැඩල’ දෙකක් එහි ඇති බවයි  විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

අදාළ ගෝලයේ ඡායාරුප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමඟ ලෝකයේම අවධානය මෙම සිදුවීම වෙත යොමුව තිබෙනවා.