hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 25, ප.ව. 6:22



ඉන්දියාවේ හිමාල කඳුවැටිය ආශ්‍රිතව නුදුරු අනාගතයේ දී භූ කම්පනයකින් බලපෑම් එල්ලවිය හැකි බවට එරට කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

ඔවුන් පවසනනේ එමගින් උතුරු ඉන්දියානු පෙදෙස්වලට දැඩි හානි සිදුවීමේ හැකියාවක් ද පවතින බවයි.

එමෙන්ම ඉන් ජීවිත හා දේපළ හානි රැසක් සිදුවිය හැකි බවත් ඔවුන් අනතුරු අඟවා තිබෙනවා.

හිමාලය ප්‍රදේශයට බලපැ හැකි බවට පුරෝකථනය කර ඇති භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපාංක 8ක් විය හැකි බවට ද විද්‍යාඥයින් සඳහන් කර තිබෙනවා.

විද්‍යාඥයින්ගේ පුරෝකථනය සත්‍ය වුවහොත් එය ශ්‍රී ලංකාවට ද අවධානමක් ගෙන දිය හැකි බව ඔවුන්ගේ මතය වෙයි.