hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2023 මාර්තු 09, ප.ව. 1:53



ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ හදිසි බිඳ වැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙටා සමාගමට අයත් ඉන්ස්ටග්‍රෑම් යෙදවුමේ සිදුවූ මෙම හදිසි බිඳවැටීම හේතුවෙන් පරිශීලකයින් දහස් ගණනකට බලපෑම් එල්ලවී ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මෙසේ බලපෑමට ලක්වූ පිරිසෙන් බහුතරය අමෙරිකානු, බ්‍රිතාන්‍ය, ඉන්දියානු සහ ඔස්ට්‍රේලියානු පරිශීලකයින් බවද එම වාර්තා සඳහන් කළා.

ඉන්ස්ටග්‍රෑම් බිඳ වැටීම හේතුවෙන් 46,000කට අධික පරිශීලකයින් පිරිසකට ජායාරූප බෙදා ගැනීමේ වේදිකාවට පිවිසීමේ ගැටළු වාර්තා වී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.