hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2023 මාර්තු 18, ප.ව. 3:42



පාකිස්ථානයේ පන්ජාබ් පොලීසිය හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සමන් පාර්ක්හි නිවසේ දොර අඟුලු කඩා බලහත්කාරයෙන් ඊට ඇතුලු වී ඇති බවට වාර්තා වනවා.

හිටපු අග්‍රාමාත්‍යවරයා ඉස්ලාමාබාද් අධිකරණයට ගමන් කරමින් සිටින අතරතුරයි පොලීසිය එලෙස ඔහුගේ නිවසට ඇතුලු වී ඇත්තේ.

එම අවස්ථාවේ ඉම්රාන් ඛාන්ගේ බිරිඳ වන බුෂ්රා බෙගම් නිවසේ සිට තිබෙනවා.

මේ පිළිබඳ පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිය ට්විටර් ගිණුමේ සටහනක් ද පළ කර ඇති අතර ඔහු එමගින් ප්‍රශ්න කර ඇත්තේ තම බිරිඳ නිවසේ තනිව සිටියදී දොරගුලු කඩා නිවසට ඇතුළු වීමට ඔවුන්ට ඇති නෛතික හිමිකම කුමක් ද යන්නයි.