hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 මාර්තු 21, පෙ.ව. 10:43



ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මියගේ සුවදුක් විමසීමට පසුගියදා විපක්ෂ නායකවරයා ඇතුළු කණ්ඩායමක් ගියා.

මේ වනවිට අසනීප තත්වයකින් පසුවන ඇයගේ ඉදිරි කඩිනම් ප්‍රතිකාර කටයුතු උදෙසා ලක්ෂ හැටකට වැඩි වටිනාකමකින් යුක්ත අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාගයක් සිදු කල විපක්ෂ නායකවරයා ඇයට අධිෂ්ඨානශීලීව හා ධෛර්යය සම්පන්නව, ශක්තිමත්ව නැගී සිටිමින්, නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළා.

සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය සිය රෝගී තත්ත්වය සහ විපක්ෂනායක වරයා ලබා දුන් ඖෂධ සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා.

“හොඳටම සුවපත් වෙලා මං ඉතින් ඔයාලත් එක්ක කතා කළත් එක්කනේ සාමාන්‍යයෙන් රෝග වල හැටි තමයි. ඉතින් දෙවැනි වතාවටත් 2023 මුල් හරියේ මම අසනීපයි කියලා දැනගත්තා. ආයෙත් ඒ රෝගය වැළඳිලා කියලා. ඉතින් කඩිනමින් මගේ වෛද්‍යවරුන් ප්‍රතිකාර පටන් ගත්තා. ඉතින් බෙහෙත්වල පොඩි හිඟයක් තිබුණා පහුගිය දවස්වල. ඉතින් ඒක නිසා මම ඉතින් මගේ මුහුණුපොතේ පොඩි සටහනකුත් මේ පිළිබඳව කියලා තිබුණා. මම හිතන්නේ ඒක දැකලා මගේ ආදරණිය කලාකරුවන් කිහිපදෙනෙක් කතා කරලා විපක්ෂනායක තුමාට මේ පිළිබඳව කියලා තිබුණා.

ලොකු ප් රශ්නයක් වෙලා තිබුණු මගේ බෙහෙත් ප්‍රශ්නය සෑහෙන කලකට පිරිමැහුණා. එතුමා මං හිතුවේ නැති වෙලාවට, හිතුවේ, හිතුවේ නැති විදිහට මගේ ගෙදරටම ඇවිත් ඒ ඖෂධ මට පරිත්‍යාග කරලා ගියා. ඉතින් අ ඒක මං හිතන්නේ කලාකරුවන් සියලු දෙනාටම විතරක් නෙමෙයි. රෝගීන් සියලු දෙනාට විතරක් නෙමෙයි. මං හිතන්නේ ඒක ලොකු ආදර්ශයක්. අපිට සන්තෝෂයේදී විතරක් නෙමෙයි අපිත් එක්ක එකතු වෙන්න ඕනේ. අපේ මානසිකව, කායිකව අසනීප වෙච්ච වෙලාවට මේ වගේ අපිත් එක්ක ඉන්නවා කියන්නේ එය ඔහුගේ හොඳ ලක්ෂණයක්. මං මේ අවස්ථාවක් කරගන්නවා ඔහුට ඒ පිළිබඳව ස්තූති කරන්න. ඇත්තටම කියනවා නම් දැන් ශෛල්‍යකර්මය වෙනතුරු මට මගේ ඖෂධ ටික ලැබුණා. මම ඉතාමත් ඒ පිළිබඳව මම ඉතාමත් සැහැල්ලුවෙන් ඉන්නේ. සතුටින් ඉන්නේ. නැත්නම් ලේසි නැහැ අද කාලේ මගේ ඖෂධ ඉතාමත් මිල අධිකයි. ඒවා හොයන්න. ඉතින් මගේ වෛද්‍යතුමන්ලා ඊට පස්සේදී තීරණය කරනවා පෙර තවදුරටත් ඒ ඖෂධ මට ලබා දෙන්න ඕනෙද කියලා. එතකොට මම ඔබව දැනුවත් කරන්නම්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: