2023 අප්‍රේල් 07, පෙ.ව. 10:38
ලොව විශාලතම රතු මැණික ජූනි මස 08 වැනිදා ඇමරිකාවේ නිව්යෝර්ක් හිදී වෙන්දේසියේ විකිණීමට නියමිතව තිබෙනවා.
“එස්ටේරලා ඩි ෆුරා” ලෙස නම් කර ඇති මෙම රතු මැණිකේ බර කැරට් 55.22ක්.
සෝතිබීස් මැග්නිෆිෂන්ට් ජුවෙල්ස් නම් ආයතනය මගින් මෙම වෙන්දේසිය සිදුකරන අතර ඒ සදහා ඉදිරිපත් කර ඇති මූලික මිල ඇමරිකානු ඩොලර් මිලියන 30ක් ලෙසයි වාර්තා වෙන්නේ.
එය එම මිලට අළෙවි වුවහොත් ලොව වැඩිම මිලක් නියම වු රතු මැණික ලෙස ද ඉතිහාසයට එක්වනු ඇති.
පසුගිය වසරේ ජූලි මාසයේ දී මෙම රතු මැණික සොයා ගනු ලැබුවේ මියන්මාරයෙන් වන අතර පසුව එය මූලික අලෙවි කිරීම්වලින් පසු කපා ඔප දමා මෙලෙස වෙන්දේසිය සදහා ඉදරිපත් කර ඇති බව සදහන්.
2026 ජූනි 25, ප.ව. 11:59
2026 ජූනි 25, පෙ.ව. 10:33
2026 ජූනි 22, ප.ව. 2:28
2026 ජූනි 22, පෙ.ව. 11:03
2026 ජූනි 08, පෙ.ව. 11:01