2023 අප්‍රේල් 21, ප.ව. 12:49
බටහිර ඔස්‌ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයකට පමණක් ඊයේ (20) දර්ශනය වූ කලාතුරකින් සිදුවන පූර්ණ සූර්යග්‍රහණය හේතුවෙන් ඔස්‌ට්‍රේලියාවේ දුෂ්කර නගරයක් වන ‘එක්ස්මවුත්’ නගරය උදෑසන තත්ත්පර 60ක කාලයක් සම්පූර්ණයෙන් අඳුරු වී ගොස් තිබෙනවා.
ඊයේ සිදු වූ එම සූර්යග්‍රහණය හොඳින්ම දර්ශනය වී ඇත්තේ ‘එක්ස්මවුත්’ නගරයටයි.
කලාතුරකින් දක්නට ලැබෙන මෙම සූර්යග්‍රහණය පියවි ඇසින් නිරීක්ෂණය කිරීම සඳහා දහස් ගණනක් වූ ජනතාව හා විද්‍යාඥයන් පිරිසක් ඊයේ උදෑසන එම නගරයට එක් රොක්ව සිට තිබෙනවා.
‘නින්ග්ලු සූර්යග්‍රහණය’ යනුවෙන් නම් කර ඇති මෙම සූර්යග්‍රහණය යටතේ සඳ සම්පූර්ණයෙන්ම සූර්යයාගේ මුහුණත වසාගැනීම හේතුවෙන් ‘එක්ස්මවුත්’ නගරයේ කිලෝ මීටර් 40ක් පමණ පළල අඳුරු සෙවණැල්ලක් නිර්මාණය වී තිබී තිබෙනවා.
මෙම සූර්යග්‍රහණය අග්නිදිග ආසියාතික රටවලට, නැගෙනහිර ඉන්දීය දූපත්, පිලිපීනය, නවසීලන්තය හා ඔස්‌ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවලට අර්ධ සූර්යග්‍රහණයක් ලෙස ඊයේ දිස් වී තිබෙනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24