hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2023 අප්‍රේල් 24, පෙ.ව. 11:54



සෑම වසරකම රෙදිපිළි කර්මාන්තයෙන් ජලයට ගැලුම් ට්‍රිලියන 1.3ක සායම් ප්‍රමාණයක් එක් වෙයි.

මේවා බොහොමයක් හානිකර රසායන වලින් යුතු ඩයි වර්ග.

රෙදි සායම් කෙලින්ම ගංගා වලට එක්වෙයි.

ලෝකයේ ජල දූෂණයට හේතු වන පස් වැනි කරුණ බවට රෙදි සායම් පත්ව තිබෙනවා.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ කලීෆා සරසවියේ පර්යේෂකයන් කණ්ඩායමක් මෙවැනි ජල දූෂක පවිත්‍ර කරන නව නැනෝමය ද්‍රව්‍යයක් නිපදවා තිබෙනවා.

වී ඇට වැනි ඇසට නොපෙනෙන කුඩා ද්‍රව්‍යයක් මගින් ඔවුන් ජල දූෂක පවිත්‍ර කිරීමට පියවර ගෙන තිබෙනවා.

රෙදිපිළි කර්මාන්තයෙන් මෙන්ම ඖෂධ අපද්‍රව්‍ය, කෘෂිකාර්මික ද්‍රව්‍ය, පතල් කර්මාන්තයේ ද්‍රව්‍ය ආදී වශයෙන් විවිධ දේ ජල දූෂණයට වගකිව යුතුයි.