hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 09, පෙ.ව. 11:19



ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (09) අලුයම එරට ෆයිසාබාද් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 116ක් ගිනිකොණ දෙසින් එම භූකම්පනය හටගෙන ඇති බවයි.

රික්ටර් පරිමාණ ඒකක 4.3ක භූකම්පනයක් මෙලෙස සිදුව ඇති බව සඳහන්.

කෙසේවෙතත් භූකම්පනයෙන් හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.