hit counter

2025 නොවැම්‍බර් මස 19 වන බදාදා

2023 මැයි 11, ප.ව. 5:08



පිපිරීමකින් පසු මිලානෝ නගර මධ්‍යයේ වාහන ගිනිගනිමින් පවතින බව වාර්තා වෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාකළේ පිපිරීම නගරයේ වෑන් රථයකින් සිදු වී ඇති බවයි.

ඔක්සිජන් සිලින්ඩර රැගෙන යමින් සිටි වාහනයක් මෙලෙස පිපුරුමකට ලක් ව ඇති බවයි සඳහන්.

වාහන ගණනාවක් ගිනිබත් වෙමින් පවතින අතර සුන්බුන්වලට ඉහළින් ඝන කළු දුමාරයක් නැඟී ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ගින්න නිවාස සංකීර්ණයක් සහ ඔසුසලක් දෙසට පැතිරෙමින් පවතින බවද වාර්තා වී තිබෙනවා.

ප්‍රදේශයේ පාසලක සහ සාත්තු නිවාසයක සිටි පුද්ගලයින් ඉවත් කිරීමට එරට පොලිසිය කටයුතු කර ඇති බවද වාර්තා වෙනවා.