2023 මැයි 15, පෙ.ව. 10:10
මෝඛා සුළි කුණාටුව බංග්ලාදේශයේ සහ මියන්මාරයේ වෙරළ තීරයට ළඟාවීමෙන් පසු නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් තවමත් එම ප්‍රදේශවලට බලපා තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ, මෙම සුළි කුණාටුවෙන් සරණාගත කඳවුරක් වන කොක්ස් බසාර්හි ඉදිකර තිබූ තාවකාලික නවාතැන් සිය ගණනක් විනාශ වී ඇති බවයි.
මේ අතර, මියන්මාරයේ පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති අතර බංගලිදේශයේ මෙතෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැත.
බොහෝ ප්‍රදේශවල විදුලිය බිඳ වැටී ඇති ඇති අතර හදිසි ප්‍රතිචාර සඳහා සූදානම් වෙමින් සිටින බව මියන්මාර රතු කුරුස සමාජය පවසයි.
කෙසේවෙතත්, කුණාටුවට පෙර බංග්ලාදේශයේ බලධාරීන් එරට වැසියන් 750,000ක් පමණ ඉවත් කර තිබෙනවා.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24