hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 මැයි 15, පෙ.ව. 10:54



ගම්පොළ ඇල්පිටිය ප්‍රදේශයේ දී ඝාතනය ලක් වූ ෆාතිමා නැමති තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වී තිබෙනවා.

මහනුවර ශික්ෂණ රෝහලේ දී ඇගේ මරණ පරීක්ෂණය සිදු කළ බව සඳහන්.

එහි දී අනාවරණය වී ඇත්තේ ඇය දූෂණයට ලක් වී නොමැති බවයි.

ඇගේ ගෙල සිර කිරීමෙන් මෙම මරණය සිදු වූ බවට එම වාර්තාවේ සඳහන්.

ඇගේ මරණයට සැකකරු ලෙස අත් අඩංගුවට ගත් එම ප්‍රදේශයේ එළුවන් බලා ගන්නා තාරුණයා ෆාතිමාගේ ඝාතනය පිළිබඳ පාපොච්චාරණය කර තිබෙනවා.

ඇගේ අවසන් කටයුතු අද පස්වරුවේ වැලිගල්ල ඇල්පිටිය මුස්ලිම් පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණා.