hit counter

2024 මැයි මස 07 වන අඟහරුවාදා

2023 මැයි 25, ප.ව. 12:39



ඉන්දියාවේ නව පාර්ලිමේන්තුව මෙම සති අන්තයේ විවෘත කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිත වනවා.

විපක්ෂ නායකයින් පවසන්නේ ඉන්දියාවේ ඉහළම ව්‍යවස්ථාපිත බලධාරියා වන ජනාධිපතිවරයා විසින් ගොඩනැගිල්ල විවෘත කළ යුතු බවයි.

එමෙන්ම ප්‍රධාන විපක්ෂය වන කොන්ග්‍රසය ඇතුළු පක්ෂ 19ක් සමාරම්භක උත්සවය වර්ජනය කරන බව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

උත්සවය සඳහා සියලුම දේශපාලන පක්ෂවලට ආරාධනා කර ඇති බවත්, උත්සවය දේශපාලනීකරණය නොකරන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටින බවත් ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සඳහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.