hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2023 මැයි 26, ප.ව. 3:27



දේශගුණික විපර්යාසයන් හමුවේ ඇන්ටාක්ටිකාවෙන් යෝධ මාරාන්තික සුනාමියක් ඇතිවිය හැකි බවට නවතම අධ්‍යයනයකින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කර තිබුණේ මෙම අධ්‍යයනයන්ට අදාළ විශේෂ වාර්තාවක් උපුටා දක්වමින්.

එම අධ්‍යයනය හරහා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ඇන්ටාක්ටිකාවේ දිය යට සිදුවන නායයාම් හේතුවෙන් පෘථිවියේ දකුණු පසින් වූ සාගරයේ යෝධ සුනාමියක් ඇතිවිය හැකි බවයි.

එහි පරිමාණය පිළිබඳව නිසි සඳහනක් නොමැති වුවද එමගින් මීට වසර මිලියන ගණනකට පෙර එවැනි සුනාමි තත්ත්වයක් ඇතිවූ බවටද සාක්ෂි උපුටා දක්වා තිබෙනවා.

ඒ අනුව වසර මිලියන ගණනකට පෙර දකුණු ඇමෙරිකාව, නවසීලන්තය සිට ගිණිකොණදිග ආසියාව දක්වා මෙම සුනාමි රළ ඇතිවී තිබෙන බවද එම වාර්තා සඳහන් කර තිබෙනවා.

අදාළ විශේෂඥයින් එමගින් වැඩිදුරටත් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ සුනාමි අනතුරු ඇඟවීම් හඳුනාගැනීමේ තාක්ෂණය තවදුරටත් වර්ධනය කළ යුතු බවටයි.