2023 ජූනි 02, ප.ව. 1:03
කොලරාඩෝ හි පැවති ඇමරිකානු ගුවන් හමුදා ඇකඩමියේ උපාධි ප්‍රදානෝත්සවය අතරතුර ජනාධිපති ජෝ බයිඩ්න් ඇද වැටී තිබෙනවා.
වේදිකාවේ සවිකර තිබූ තාක්ෂණික උපකරණ රඳවනයක පය පැටලීමෙන් ඔහු මෙලෙස ඇද වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එහිදී ගුවන් හමුදා නිලධාරියෙකු සහ ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනෙකු ඇමරිකානු ජනාධිපතිවරයාට නැගී සිටීමට සහය වී ඇති අතර සිද්ධියෙන් ඔහුට කිසිදු හානියක් සිදුවී නැහැ.
80 හැවිරිදි වියේ පසුවන ඇමරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා වන ජෝ බයිඩ්න් පැය එකහමාරක් පුරා ශිෂ්‍ය භටයින් 921 දෙනෙකුට අතට අත දෙමින් වේදිකාවේ සිටගෙන සිට ඇති බවයි අදාළ වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24