hit counter

2025 ඔක්‍තෝබර් මස 28 වන අඟහරුවාදා

2023 ජූනි 17, ප.ව. 4:51



චීනය තුළ යළිත් වරක් කොරෝනා වෛරසයේ ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තා පවසන්නේ ඉකුත් අප්‍රේල් මාසයේ සිට චීනයේ රෝහල්වලින් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

එරට රෝග පාලනය සහ වැළැක්වීම සඳහාවූ චීන මධ්‍යස්ථානයේ දත්තවලට අනුව චීනයෙන් මැයි මස අවසානයේදී පරීක්ෂාවට ලක්වූවන්ගෙන් සියයට 40 කට වඩා වැඩි ප්‍රමාණයක් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවද විදෙස් වාර්තා පවසනවා.

රජයේ දත්තවලට අනුව ඉකුත් වසර සමග සැසඳීමේදී ඉකුත් මැයි මාසයේදී චීනයෙන් සැලකියයුතු කොරෝනා ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන තිබෙනවා.

චීනයෙන් මැයි මාසයේදී කොරෝනා ආසාදිත මරණ 164ක් වාර්තා වෙන බවද සඳහන්.

එමෙන්ම වෛරසය ආසාදනය වූ තව‍ත් 2,777ක් පමණ දරුණු ආසාදනවලට ගොදුරුවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.