hit counter

2026 මැයි මස 29 වන සිකුරාදා

2023 ජූනි 17, ප.ව. 10:23



බටහිර උගන්ඩාවේ පාසලකට ඉස්ලාමීය කැරලිකරුවන් පිරිසක් විසින් එල්ලකළ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 40දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මියගිය බහුතරය පාසල් සිසුන් වන අතර තවත් 8දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කොංගෝ දේශසීමාව ආසන්නයේ පිහිටි එම පාසලට රාත්‍රී කාලයේ කඩා වැදුණු අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ කැරලිකාර කණ්ඩායමක් විසින් එම ප්‍රහාරය සිදුකර තිබුණා.

එම පාසලේ සිසුන් 60දෙනෙකු පමණ නේවාසිකව රැඳීසිටි ඇති අතර පාසල් සිසුවියන් ඇතුළු පිරිසක් කැරලිකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති බව සඳහන්.

ප්‍රහාරයෙන් අනතුරුව කැරලිකරුවන් විසින් පාසල් ගොඩනැගිල්ලට ගිනි තබා ඇති බව වාර්තා වෙනවා.