hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජූනි 19, පෙ.ව. 10:56



උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පවතින අධික උෂ්ණත්වය නිසා පසුගිය දින දෙක තුළ පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් තිබෙනවා.

මියගිය අය සියල්ලෝම වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර 60 ට වැඩි පදිංචිකරුවන්ට දිවා කාලයේ ගෘහස්ථව රැඳී සිටින ලෙසයි සෞඛ්‍ය අංශ නිලධාරීන් උපදෙස් දී ඇත්තේ.

ලක්නව් සිට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 300ක් පමණ දුරින් පිහිටි බල්ලියා දිස්ත්‍රික්කයේ මෙම මරණ සිදුවී තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා මරණ 23ක් වාර්තා වී ඇති අතර සිකුරාදා තවත් 11 දෙනෙකු මිය ගිය බව බල්ලියා දිස්ත්‍රික්කයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ජයන්ත් කුමාර් පවසනවා.

මියගිය පුද්ගලයින් යම් යම් රෝගාබාධවලින් පෙළෙන අතර අධික උෂ්ණත්වය හේතුවෙන් ඔවුන්ගේ තත්ත්වය නරක අතට හැරී ඇති බවයි ජයන්ත් කුමාර් මහතා සඳහන් කරන්නේ.

ඉන්දියාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු දත්තවලට අනුව, සිකුරාදා උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 42.2 බල්ලියා වාර්තා කළ අතර එය සාමාන්‍යය අගයට වඩා 4.7C වැඩි වනවා.

අධික උෂ්ණත්වය හේතුවෙන් ප්‍රාන්තය පුරා විදුලිය විසන්ධි වී ඇති අතර, ජලය, විදුලි පංකා හෝ වායුසමීකරණ යන්ත්‍ර නොමැති නිසා ජනතාව තවත් පීඩාවට පත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Example Image