2023 ජූනි 19, පෙ.ව. 11:32
විසිවැනි සියවසේ පහළ වූ අති විශිෂ්ට නළුවකු වන ඇමරිකානු ජාතික අල් පචීනෝ සිව් වැනි වරට ද දරු සුරතල් බලනවා.
දරුවාගේ මව අල් පචීනෝගේ වර්තමාන පෙම්වතිය වන නූර් අල්ෆලාහ්යි.
විසි නව හැවිරිදි නූර් පසුගියදා බිහි කළ පුතුට රෝමන් යන නම තබා තිබෙනවා.
රංගන පුහුණුකාරිනියක වූ ජැන් ටැරන්ට් සමග සම්බන්ධතාවක් පවත්වද්දී 1989 අල් පචීනෝ පළමු වරට පිය පදවිය ලැබුවා.
ඔවුන්ට උපන් දියණිය ජුලී මාරියි.
අල් පචීනෝ සහ නිළි බෙවර්ලිඩ් ඇන්ජිලෝට නිවුන් දරුවන් දෙමව්පියන් වීමට ලැබුණු අතර ඔවුන් දැන් 22 හැවිරිදියි.
අල් පචීනෝ හා විවාහ නොවුනද ඔහුගේ ප්‍රසිද්ධ පෙම්වතියන් ගණන 06ක්.
රෝමන්ගේ උපතත් සමග අල් පචීනෝ වයස්ගත ම නළු පියකු ලෙසින් වාර්තා පොතට එක් වුණා.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24