hit counter

2026 ජනවාරි මස 30 වන සිකුරාදා

2023 ජූනි 25, ප.ව. 4:11



මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පවත්වා ගෙන යනු ලබන පෞද්ගලික පෙර පාසලක සිසුන්ට එහි පාලිකාව සහ ගුරුවරියක පහර දුන් පුවතක් වාර්තා වෙනවා.

එම දරුවන්ගේ දෙමාපියන් එල්ල කරන චෝදනා මත පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එක් දරුවකුගේ මවක විසින් කටුගස්තොට පොලිසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී පොලිසිය එහි පාලිකාවට අවවාද කර මුදා හැර පැමිණිලි විභාගය අවසන් කර තිබෙනවා.

නමුත් එම පෙර පාසලේ හිංසනයට ලක් වූ තවත් දරුවන් කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරු ලැබී තිබෙනවා.

ඒ මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පැවසුවා.

කෙසේවෙතත්, එම පෙර පාසලේ පාලිකාව, එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ අතර ඇය පවසා ඇත්තේ, ඇගේ කීර්ති නාමයට අපහාස කිරීමේ අරමුණින් මෙවැනි චෝදනා එල්ල කළ බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: