hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2023 ජූනි 27, පෙ.ව. 10:19



ටයිටැනික් නටබුන් නැරඹීමේ චාරිකාවට ගොස් පුද්ගලයන් පස්දෙනකු සමඟ මුහුදු පතුලේදී පිපිරී ගිය ටයිටන් සබ්මර්සිබලයේ ඛේදවාචකයට බලපෑ කරුණු විමර්ශනය කිරීමට කැනඩාව සහ අමෙරිකාව ඒකාබද්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අමෙරිකාවේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලයේ සහාය ඇතිව එරට වෙරළාරක්ෂක බළකාය සහ කැනඩාවේ රාජකීය පොලිස් දෙපාර්තමේන්තුව එක්ව මේ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

ටයිටන් සබ්මර්සිබලය උතුරු අත්ලාන්තික් සාගරයේ ටයිටැනික් නටබුන් තැන්පත් වී ඇති ගැඹුරු මුහුදු පතුල ආසන්නයට ගෙන යෑමට සහාය වූ පෝලර් ප්‍රින්ස් නෞකාවට පසුගියදා පැමිණි එම විමර්ශන කණ්ඩායම් සිදුවීමට අදාළ සාක්ෂි සටහන් කරගැනීමට කටයුතු කර ඇතැයි ද වාර්තා වෙනවා.